free web stats

සමගි ජන­බ­ල­වේ­ගයේ වැඩ­පි­ළි­වෙ­ළට සම වෙන්න ආණ්ඩු­වට බෑ

සමගි ජන­බ­ල­වේ­ගයේ වැඩ­පි­ළි­වෙළ ආණ්ඩුව අනු­ග­ම­නය කළාට සමගි ජන­බ­ල­වේ­ගයේ වැඩ­පි­ළි­වෙ­ළට සම වෙන්න ආණ්ඩු­වට කිසි­සේත් හැකි­යා­වක් නොමැති බව හිටපු නියෝජ්‍ය ඇමැති බුද්ධික පති­රණ මහතා පව­සනවා.

සමගි ජන බල­වේග ප්‍රධාන කාර්යා­ලයේ ඊයේ (14) පැවති මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින් හිටපු නියෝජ්‍ය ඇමැති බුද්ධික පති­රණ මහතා මේ බව ප්‍රකාශ කළා.

වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැව­සූවා.

“වර්ත­මාන ජාතික ජන­බ­ල­වේග ආණ්ඩුව තනි පක්ෂ පාලන ක්‍රම­යක් සකස් කරන්න පිඹු­රු­පත් සකස් කර­මින් සිටි­නවා. ඒ වගේම තනි පක්ෂ පාලන ක්‍රම­යක් රට තුළ ඇති වීමේ භයා­නක තත්ත්වය ජේ.ආර්. ජය­ව­ර්ධන හිටපු ජනා­ධි­ප­ති­ව­රයා 1950දී පෙන්වා දී තිබුණා. කෙසේ හෝ ජේ.ආර්. ජය­ව­ර්ධන හිටපු ජනා­ධි­ප­ති­ව­රයා සකස් කළ පද්ධ­තිය භාවිත කර­මින් 22 වැනි ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා සංශෝ­ධ­නය කිරීමේ සිට ආණ්ඩු­බ­ලය මෙන්ම රාජ්‍ය බලය ලබා ගැනීමේ විශාල කාර්ය­යක ජනතා විමුක්ති පෙර­මුණ ප්‍රමුඛ ජාතික ජන­බ­ල­වේ­ගය කට­යුතු කර­මින් සිටි­නවා. කෙසේ නමුත් ආණ්ඩුවේ මෙම වැඩ­පි­ළි­වෙ­ළට මුහු­ණ­දෙන්න සමගි ජන­බ­ල­වේ­ගය සූදා­නම්.

ඒ වගේම ජනතා විමුක්ති පෙර­මුණ තුළ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය කියන වච­නය දකින්න ලැබුණේ නැහැ. ජනතා විමුක්ති පෙර­මුණ ඇතුළු කණ්ඩා­යම ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට බයයි. ඔවුන් විඥා­න­වා­ද­යට , ආග­මට බයයි. නමුත් මෙම කණ්ඩා­යම බලය ලබා­ගත් පසු මෙම කාරණා දේශ­පා­ලන අව­ශ්‍යතා සඳහා යොදා ගනු ලබ­නවා. ජනතා විමුක්ති පෙර­මුණ ඇතුල කණ්ඩා­යම ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ ප්‍ර අක්ෂ­ර­ය­ටත් බයයි. කෙසේ නමුත් ප්‍රජා­තන්ත්‍ර­වා­දය පද­නම් කර ගනි­මින් සමාජ ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යත් සමාජ වෙළෙ­ඳ­පො­ළත් ඉදි­රි­යට ගෙන යන්න සමගි ජන­බ­ල­වේ­ගය කට­යුතු කරනු ලබ­නවා. ඒ වගේම වර්ත­මාන ආණ්ඩුව ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය විනාශ කිරී­මට ගන්නා උත්සා­හ­යන්ට කොන්දේ­සි­ වි­ර­හි­තව නැඟී සිටි­නවා. ඒ වෙනු­වෙන් පාරට බහි­න්නත් සමගි ජන­බ­ල­වේ­ගය සූදා­නම්.

ඒ වගේම ජාතික ජන­බ­ල­වේග ආණ්ඩුව රජ­රට ජන­තාව රැස් කිරී­මට පෙර සමගි ජන­බ­ල­වේ­ගය රජ­රට ජන­තාව රැස් කරන්න කට­යුතු කරනු ලැබුවා. කෙසේ නමුත් සමගි ජන­බ­ල­වේ­ගය අනු­රා­ධ­පු­රය කේන්ද්‍ර කර­ගත් පක්ෂ ප්‍රව­ර්ධන වැඩ­ස­ට­හන, පරි­පා­ලන දිස්ත්‍රික්ක සහ මැති­ව­රණ දිස්ත්‍රික්ක ඉලක්ක කර­ග­නි­මින් සැල­සු­ම්ස­හ­ගත ක්‍රියා­ව­ලි­යක් දක්වා ගෙන­ය­මින් තිබෙ­නවා. සමගි ජන­බ­ල­වේ­ගයේ වැඩ­පි­ළි­වෙළ ආණ්ඩුව අනු­ග­ම­නය කළාට සමගි ජන­බ­ල­වේ­ගයේ වැඩ­පි­ළි­වෙ­ළට සම වෙන්න ආණ්ඩු­වට කිසි­සේත් හැකි­යා­වක් නැහැ. ඒ වගේම සිය­යට තුනක ඡන්ද ප්‍රති­ශ­ත­යක සිටි පිරිස බලය ලබා­ගෙන එම බලය රැක ගැනී­මට විවිධ දේශ­පා­ලන ප්‍රචා­රක කට­යු­තු­වල නිරත වෙනවා. ඒ වගේම බලය හිමි ජාතික ජන­බ­ල­වේ­ග­යෙන් ගැලවී යන කොටස් එකතු කරන්න තවත් පක්ෂ කිහි­ප­යක් මේ වන­විට දේශ­පා­ලන ප්‍රචා­රක වැඩ කට­යු­තු­වල නිරත වී සිටි­නවා.

නමුත් බහු­ත­ර­යක් ජන­තා­වට අත්හ­දා­බ­ලන්න නාය­ක­යන් රටේ නැහැ. ඒ නිසා විශ්වස­නීය කණ්ඩා­ය­මක් සිටින, විශ්වා­ස­නීය වැඩ­පි­ළි­වෙ­ළක් තිබෙන සමගි ජන­බ­ල­වේ­ගට පම­ණයි රට ගොඩ­නැ­ඟීමේ හැකි­යාව තිබෙන්නේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *