free web stats

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (25) ආරම්භ වේ.

දින 10ක් පුරා පැවැත්වෙන මෙය ඔක්තෝබර් 4 වැනිදා දක්වා සෑම දිනකම පෙ.ව. 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ.

27 වන වරට පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී දේශීය මෙන්ම විදේශීය පොත්පත්, විශේෂ වට්ටම් සහිතව මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව හිමිවේ.

මේ අතර පොත් ප්‍රදර්ශනය සඳහා පැමිණෙන පාඨක ජනතාව‍ගෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා ඉල්ලා සිටින්නේ, ප්‍රදර්ශන භූමියට පොලිතින් රැගෙන ඒමෙන් වළකින ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *