free web stats

ඉරාන යෝජ­නාවක් ට්‍රම්ප් ප්‍රති­ක්ෂේප කරයි

හෝමූස් සමුද්‍ර සන්ධිය දින 7ක් ඇතු­ළත විවෘත කිරීම සඳහා ඉරා­නය ඉදි­රි­පත් කළ යෝජ­නා­ව­ලිය අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රති­ක්ෂේප කර තිබෙනවා.

පසු­ගිය ජූනි මාස­යේදී දෙපා­ර්ශ්වය අතර අත්සන් තැබූ අව­බෝ­ධතා ගිවි­සුමේ කොන්දේසි ඇතු­ළත් කර­මින් එම යෝජ­නා­ව­ලිය කටාර් රාජ්‍යයේ නියෝ­ජි­ත­යන් මඟින් අමෙ­රි­කා­වට ඉදි­රි­පත් කළ බව ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරග්චි ප්‍රකාශ කර ඇති අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් සඳ­හන් කර ඇත්තේ එම යෝජ­නා­ව­ලිය පිළි­ගත නොහැකි බවයි.

ඉරා­නය සමඟ ගිවි­සු­ම්ගත වීමට එකඟ වුවද, එම යෝජ­නා­ව­ලිය පිළි­ගත නොහැකි බව ඔහු සඳ­හන් කර ඇත්තේ වැඩි­දුර පැහැ­දිලි කිරී­ම­කින් තොරව බව ද වාර්තා වෙනවා.

දෙරට අතර යුද ගැටුම් තාව­කා­ලි­කව අව­සන් කර­මින් සටන් විරා­ම­ය­කට එක්වී­මත්, ඉරා­න­යට පනවා ඇති නාවික අව­හි­රතා ඉවත් කිරී­මත් ඇතුළු කරුණු ගණ­නා­වක් නව යෝජ­නා­ව­ලි­යට ඇතු­ළත් කර තිබූ බවත්, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රති­ක්ෂේප කළ යෝජ­නා­ව­ලිය සම්බ­න්ධව අමෙ­රි­කානු පාර්ශ්වයේ නිල පිළි­තු­රක් ලැබෙ­න­තුරු බලා සිටින බවද අබ්බාස් අරග්චි සඳ­හන් කර තිබෙනවා.

මේ අර්බු­දය විසඳා ගැනී­මට සියලු පාර්ශ්ව­යන් විවෘත සංවා­ද­යක නිරත විය යුතු බවට අමෙ­රි­කාව සහ ඉරා­නය අතර මැදි­හ­ත්ක­රු­වකු ලෙස කට­යුතු කරන ඕමා­නය ඉල්ලී­මක් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ සාක­ච්ඡා­වේදී ඕමාන විදේශ ඇමැති සයිඩ් බද්ර් බින් හමාඩ් බින් හමූඩ් අල්බු­සා­යිඩි ප්‍රකාශ කර ඇත්තේ මේ උපාය මාර්ගික නාවික මාර්ගයේ ආර­ක්ෂාව තහ­වුරු කිරිමේ උත්සා­හ­යන් සඳහා සියලු පාර්ශ්ව සහ­යෝ­ග­යෙන් කට­යුතු කළ යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *