පේරාදෙණිය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් පීලි පනියි
පේරාදෙණිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්රගාමී දුම්රිය ගංගොඩ සහ කඩිගමුව දුම්රිය ස්ථානය අතරතුරදී අද (05) උදෑසන පීලි පැන තිබෙනවා.
අද උදෑසන 4.40ට පමණ මෙම අනතුර සිදුව ඇති බවද වාර්තා වේ.
දුම්රිය මාර්ගයට පස් සහ ගල් පෙරළී තිබීම හේතුවෙන් මෙම දුම්රිය පීලි පැනීම සිදුව ඇත.
පීලි පැනීමෙන් දුම්රියේ ඉදිරිපස කොටසටද හානි සිදුව ඇති අතර මේ සම්බන්ධව අදහස් දැක්වූ දුම්රිය රියදුරු මහතා පැවසුවේ පස් කණ්ඩියේ සහ ගලක දුම්රිය ගැටුණු බවයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ එම දුම්රියේ රියදුරු ලෙස කටයුතු කළ සෙන්දනායක මහතා,
“පස් කණ්ඩියක් පාර හරහා වැටිලා තිබුණා. එනකොට මීටර් 10ක්වත් නෑ පස් කණ්ඩිය අපි දකිනකොට. පස් කණ්ඩියට වැදිලා කෝච්චිය විසික් වුණා. ඒ වැදිච්ච පාර තමයි මේ ගලක වැදිලා හානි වුණේ”

