free web stats

ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව මගිනුයි.

සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ෂණවලට අදාළව අල්ලස් කොමිසමේ නිලධාරීන් මිරිහාන නිවසට ගොස් ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව ද වාර්තා සඳහන් කරනවා.

මේ අතර තමන් අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් ඉල්ලා රාජපක්ෂ මහත්මිය අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් ද ඉදිරිපත් කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයාට ලබන 12 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කෙරුණා.

එසේම ශිරන්ති රාජපක්ෂ මහත්මියට ද ලබන 13 වනදා මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශයට පැමිණෙන ලෙසයි දැනුම් දී තිබුණා.

ඒ අතරතුරයි අල්ලස් කොමිසම මගින් මීට ටික වේලාවකට පෙර ඇය අත්අඩංගුවට ගෙන තිබුණේ.

විදේශගතව සිටි ශිරන්ති රාජපක්ෂ මහත්මිය පෙරේදා රාත්‍රියේයි දිවයිනට පැමිණියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *