free web stats

චාමර සම්පත් 23 වැනිදා දක්වා රිමාන්ඩ් – Update

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දිසානායක මහතා ඔක්තෝබර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති ලෙස කටයුතු කළ අවධියේ පොස්පේට් අපනයන බලපත්‍ර ලබාදීම සඳහා පුද්ගලික සමාගම් දෙකකින් රුපියල් ලක්ෂ 81 ක් අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට චාමර සම්පත් දසනායක මහතා අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

චාමර සම්පත් අත්අඩංගුවට – Update

අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකර තෝරාගත් සමාගම් 03ක් සඳහා පමණක් පොස්පේට් අපනයනය කිරීමට කටයුතු සැලසීම සහ එම සමාගම් වෙත පොස්පේට් අපනයනයට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට සහාය ලබාදීම වෙනුවෙන් එම සමාගම්වලින් රුපියල් ලක්ෂ 81ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

සිදුකෙරන එම විමර්ශනයට අදාළව ඒ මහතා අද (12) උදෑසන අල්ලස් කොමිසම වෙත පැමිණි අතර එහිදී ඒ මහතාගෙන් පැය 3කට අධික කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

චාමර සම්පත් මහතා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුමතිපාල ලියනාරච්චි නමැත්තා ද මෙම විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතකර සිට්යි.

චාමර සම්පත් අද අල්ලස් කොමි­සම හමු­වට

රුපි­යල් ලක්ෂ 81ක මුද­ලක් අල්ලස් ලෙස ලබා­ගැ­නීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් කෙරෙන විම­ර්ශ­න­ය­කට අදා­ළව, හිටපු අමාත්‍ය පාර්ලි­මේන්තු මන්ත්‍රී චාමර සම්පත් දස­නා­යක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­සම හමුවේ අද (12) පෙනී සිටී­මට නිය­මි­තයි.

මෙම සිද්ධි­යට අදා­ළව ප්‍රකා­ශ­යක් ලබා­ගැ­නී­මට මන්ත්‍රී­ව­ර­යාට පසු­ගිය 09 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­සම හමුවේ පෙනී සිටින ලෙස දැනු­ම්දී­මක් කර තිබුණා.

එදින අල්ලස් කොමි­සම හමුවේ ඔහු පෙනී නොසිටි අතර ඒ වෙනු­වට අද (12) දින ඔහු අල්ලස් කොමි­සම හමුවේ පෙනී සිටින බව දැනුම්දී ඇති බව සඳ­හන් වේ.

චාමර සම්පත් දස­නා­යක මහතා 2022 වසරේ සැප්තැ­ම්බර් 08 සිට 2024 වසරේ සැප්තැ­ම්බර් 23 දක්වා ප්‍රාථ­මික කර්මාන්ත රාජ්‍ය අමා­ත්‍ය­ව­ර­යාව සිටි­යදී, සමා­ගම් තුන­කට පොස්පේට් ආන­ය­නය කිරී­මට නිසි ක්‍රම­වේ­ද­ය­කින් තොරව බල­පත්‍ර ලබා­දී­මට එව­කට ඔහුගේ හිටපු පෞද්ග­ලික ලේක­ම්ව­රයා විසින් රුපි­යල් ලක්ෂ 81ක මුද­ලක් අල්ලස් ලෙස ලබා ගත්තේ­යැයි කියන සිද්ධි­යට අදාළ විම­ර්ශන කට­යුතු සඳහා මෙම කැඳ­වීම අල්ලස් කොමි­සම විසින් කර තිබෙනවා.

මේ සම්බ­න්ධ­යෙන් ඔහුගේ පෞද්ග­ලික ලේකම් ලෙස කට­යුතු කළ සුම­ති­පාල ලිය­නා­රච්චි නමැති අය ද අල්ලස් කොමි­ෂන් සභාව විසින් පසු­ගිය සැප්තැ­ම්බර් 22 වැනි දා හෝ ඊට ආසන්න දින­කදී අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණා.

ඔහු මේ වන විට රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තව සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *