free web stats

මාස 9ක් තුළ සංචාරක ආදායම ඉහළට

ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ගතවූ මාස 9ක කාලය තුළ සංචාරක ආදායමෙන් මෙරට අමෙරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්මවූ ආදායමක් උපයා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මහ බැංකුව නිකුත් කර ඇති වාර්තාවකට අනුව ගතවූ මාස 9ක කාලය තුළ ලබා ඇති සමස්ත ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2,245.2ක් වේ.

කෙසේ නමුත් එය පසුගිය 2025 වසරේ එම කාලය සාපේක්ෂව සංසන්දනය කළ විට සුළු අඩුවීමක් පෙන්නුම් කර ඇතැයිද එහි සඳහන් වේ.

පසුගිය 2025 වසරේදී ගතවූ මාස 9ක කාලය තුළදී සංචාරක ආදායමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2,472.9ක් උපයා තිබුණා.

මේ අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී පමණක් මෙරට සංචාරක ආදායමින් ඩොලර් මිලියන 185.6ක් උපයාගෙන තිබෙනවා.

එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසය හා සැසඳීමේදී වර්ධනයක් පෙන්නුම් කරන අතර ගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරට සංචාරක ආදායමින් මෙරට ඩොලර් මිලියන 182.9ක් උපයාගෙන තිබුණා.

මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා ගතවූ මාස 9ක කාලය තුළ මෙරටට සංචාරකයින් 1,693,679ක් පැමිණ ඇති අතර ඔවුන්ගෙන් මෙම ආදායම උපයාගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *