free web stats

ඩෙංගු අවදානම සහිත දිස්ත්‍රික්ක ඉලක්ක කරගනිමින් මදුරු මර්දන වැඩසටහනක්

දිවයින පුරා හඳුනාගත් ඩෙංගු අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ ඉලක්ක කරගනිමින් විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, නොවැම්බර් 02 වැනිදා සිට 07 වැනිදා දක්වා එම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය මෙම අදහස් පළ ක‌ළා.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වන විට මදුරු කීට ගනත්වය විශාල ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ කීට විද්‍යාඥ ආචාර්ය සකුන්තලා ජානකී මහත්මිය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *