කතරගම වැවට දැමූ ආයුධ සොයා අදත් මෙහෙයුම්
කතරගම වෙහෙරගල්ල වැවට දැමූ ආයුධ සොයා අදත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.
වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා සඳහන් කලේ කිමිදුම්කරුවන් යොදවා එම සෝදිසි කිරීම් සිදු කරන බවයි.
යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීයෙකු ලබාදුන් තොරතුරකට අනුව ඊයේ පස්වරුවේ වොහෙරගල්ල වැවේ තිබී ටි 56 හිස් මැගසින් 74 ක්,එල් එම් ජි හිස් මැගසින් 36 ක්,හා එම් .පී එම් ජී හිස් ඩ්‍රෑම් 5 ක් සොයා ගත් බවයි.
දැනට එම ආයුධ ගෝනගංආර පොලිසියට භාර දී තිබෙනවා.
වැඩිබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එම ආයුධ වැවට ගෙනැවිත් දැමුවේ කවුරුන්ද යන්න තහවුරු කර ගැනීම සඳහා ද විමර්ශනයක් ආරම්භ කළ බවයි.

