free web stats

ජනනි ධනංජනාගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

ජපානයේදී පැවැත්වෙන 5 වන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ (Asian Para Games) කාන්තා දුර පැනීම (T47) ඉසව්වෙන් නව තරග වාර්තාවක් ද තබමින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ජනනි ධනංජනා වික්‍රමසිංහ සමත් වුණා.

ඇය දැක්වු දක්‍ෂතාව මීටර් 5 යි සෙන්ටිමීටර් 52 ක්.

ඉන්දීය ක්‍රීඩිකාවක විසින් ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තා. ලෝකඩ පදක්කම දිනා ගත්තේ චීන ක්‍රිඩිකාවක්.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සදුනි ජයසුන්දර ද මෙම ඉසව්ව සඳහා තරග වැදුණා. මීටර් 4 යි සෙන්ටිමීටර් 11 ක දක්‍ෂතාවක් දැක්වූ ඇය තරගය නිමා කළේ 4 වෙනියා ලෙසයි.

මෙහිදි රන් පදක්කම දිනා ගත් ජනනි ධනංජනා වික්‍රමසිංහ මෙම තරගාවලියේ මෙතෙක් දිනාගත් දෙවන පදක්කමද මෙය වනවා.

මීට පෙර T47 මීටර් 200 කාන්තා ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනිමටද ඇය සමත් වුණා.

මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමග මෙවර ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ පදක්කම් ලැයිස්තුව තවදුරටත් ශක්තිමත් කිරීමට ඇයට හැකිවූ අතර, ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා පිටිය හමුවේ ශ්‍රී ලංකා නාමය නැවතත් බැබළවීමට ඇය සමත් වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *