free web stats

අමරිකාවේ ලැව්ගින්නේ ව්‍යාප්තිය වැඩ්වීමේ අවදානමක්

අමරිකාවේ ලොස් ඇන්ජලීස් ප්‍රදේශය පුරා පැතිර යන ලැව්ගින්න හේතුවෙන් මේ වන විට පුද්ගලයින් එක් ලක්ෂ 53,000ක් පමණ සිය නිවාස අතහැර ගොස් තිබෙනවා.  

තවත් පුද්ගලයින් එක් ලක්ෂ 66,000 කට සිය නිවාස අතහැර යාමට සිදුවිය හැකි බවයි එරට රජය අනතුරු අඟවන්නේ. ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 11ක්. 

මේ අතර ලැව්ගින්න සම්බන්ධයෙන් වැරදි තොරතුරු සමාජගත වීම වැලැක්වීම සඳහා එරට රජය වෙබ් අඩවියක් නිර්මාණය කර තිබෙනවා. 

කෙසේවෙතත් ඉදිරි දින කිහිපය තුළ සුළං තත්ත්වය වැඩි විය හැකි බැවින් ලැව්ගින්න තවදුරටත් ව්‍යාප්ත වීමට හැකියාවක් පවතින බවද සඳහන්. 

ඒ අනුව ලැව්ගින්න පාලනය කිරීම සඳහා යොදාගන්නා ගිනි නිවීමේ නිලධාරින් සංඛ්‍යාව දෙගුණයකින් වැඩි කිරීමට කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. 

අතහැර දැමු නිවාස කොල්ලකෑම් වැඩිවීම හේතුවෙන් ඇඳිරි නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

පැතිර යන ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් එරට විශ්ව විද්‍යාල සිසුන් සඳහා ජනවාරි 17 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලබා දීමට කැලිෆෝනියා විශ්ව විද්‍යාලය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *