free web stats

දකුණු අප්‍රිකාවේ පතලක් තුළ සිරවී සිදුවූ ව්නාශය

දකුණු අප්‍රිකාවේ පතලක් තුළ සිරවීමෙන් මියගිය කම්කරුවන් සංඛ්‍යාව 100 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ මියගොස් ඇති පිරිස නීතිවිරෝධී පතල් කම්කරුවන් බවයි.

දකුණු අප්‍රිකාවේ අතහැර දැමූ රන් පතලක කැනීම් කරමින් සිටි කම්කරුවන් පිරිසක් මෙම අනතුරට ලක්ව තිබෙනවා.

මොවුන් දින ගණනක් පතල තුළ සිරවී සිට ඇති අතර කුසගින්න සහ විජලනය හේතුවෙන් ඔවුන් මියගොස් ඇති බවටයි සැකපළ කරන්නේ.

පතලේ සිරවී සිටි කම්කරුවන් කිහිපදෙනෙකු බේරාගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *