free web stats

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 8ක පරාජයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ තරග 5කින් යුත් විස්සයි20 තරගාවලිය ආරම්භ කරමින් ඊයේ(21) පැවති පළමු තරගයෙන් ඉන්දියාව හමුවේ කඩුලු 8ක පරාජයක් ලැබුවා.

විසාඛාපට්නම්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 121ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් වූ හර්ෂිතා සමරවික්‍රම (21) හා හසිනි පෙරේරා (20) පන්දුවට පහරදීමෙන් දක්ෂතා දැක්ව්ය.

ඒ අනුව ලකුණු 122ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 14.4කදී එම ඉලක්කය සම්පූර්ණ කළා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ ජෙමිමා රොඩ්‍රිගස් පන්දු 44කදී නොදැවී ලකුණු 69ක් රැස්කළ අතර, එම ඉනිමට හතරේ පහර 10ක් ඇතුළත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *