අවුරුදු 19න් පහළ ක්රිඩ්කාවෝ ලැබූ දෙවැනි ජය
කාන්තා අවුරුදු 19න් පහළ විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පිට පිට දෙවැනි ජය වාර්තා කිරීමට ශ්රී ලංකා යොවුන් ක්රීඩිකාවෝ ඊයේ සමත් ව්ය.
‘ඒ’ කාණ්ඩය යටතේ මැලේසියාවේ ක්වාලාලම්පුර්හි බයුමස් ඕවල් පිටියේ පැවති තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් යොවුන් පිල ලකුණු 81කින් පරාජය කිරීමට ශ්රී ලංකා පිල සමත් විය.
මේ ජයත් සමඟ තවත් තරගයක් ඉතිරිව තිබියදීම දෙවැනි වටය හෙවත් සුපිරි 6 වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්රී ලංකා ක්රීඩිකාවෝ සමත් ව්ය.
ඊයේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා පිල කඩුලු 5ක් දැවී ලකුණු 166ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය කොදෙව් ක්රීඩිකාවන්ට ඕවර 19.4කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 85ක් පමණි.