වෝන්,මුරලි තරගාවලියේ ප්‍රවේශපත්‍ර ගත හැකි ක්‍රම
වෝන් – මුරලි ටෙස්ට් තරගාවලිය සදහා වන ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම ආරම්භ කර ඇති අතර අන්තර්ජාලය ඔස්සේ මෙම ටිකට් මිලදී ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරනවා.
ඒ අනුව www.srilankacricket.lk. වෙබ් අඩවියට පිවිසීමෙන් ටිකට් පත් මිලදී ගැනීමේ අවස්ථාව උදාවේ.
මේ අතර ලබන 27 වැනිදා සිට උදෑසන 9 සිට සවස 5 දක්වා කොළඹ විද්‍යා මාවතේ සහ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ කවුන්ටරවලින් ද ටිකට් මිලදී ගැනීමට හැකියාව පවතින බව සදහන්.
සිටගෙන නැරඹීම සදහා වන ටිකට් පතක් රුපියල් 500ක්ද, නගර සභා ක්‍රීඩා මණ්ඩපයේ පහත මාලයේ ටිකට් පතක් රුපියල් 7500ක් වේ. නගර සභා ක්‍රීඩා මණ්ඩපයේ ඉහළ මහලේ, ගෝල් සී.සී. පහළ මහලේ, වී.අයි.පී. ඇතුළත ටිකට්පත් රුපියල් 10,000 ක්ද වේ. ගෝල් සී.සී. ක්‍රීඩා මණ්ඩපයේ ඉහළ මහලේ ටිකට්පතක් රුපියල් 12,500ක් වේ.
එක්දින ක්‍රිකට් තරග සදහා වන ටිකට් පත් අලෙවිය පෙබරවාරි 07 වැනිදා නිකුත් කිරීමට නියම්තයි.

