රවී කරුණානායකට ඇප
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත් හිටපු ඇමති රවී කරුණානායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියම කළා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහෙස්ත්රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

