රේගුවේ දූෂණ අක්‍රමිකතා වැළැක්වීමට ගත් තීරණය
ශ්‍රී ලංකා රේගුව සම්බන්ධ දූෂණ අක්‍රමිකතා වැළැක්වීම වෙනුවෙන් විශේෂ අභ්‍යන්තර කටයුතු අංශයක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසනවා.
එය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ එකඟතාවලද නිර්දේශ කර ඇති බව පෙන්වා දුන් අරුක්ගොඩ මහතා ඒ අනුව රේගුව සම්බන්ධ යම් අල්ලස් හෝ දූෂණයක් සම්බන්ධ පැමිණිල්ලක් හෝ තොරතුරක් හෝ යම් බුද්ධි තොරතුරක් හෝ වේ නම් ක්‍රමවේද 7ක් ඔස්සේ දැනුවත් කළ හැකි බව පෙන්වා දුන්නා.
ඒ අනුව දුරකතන මාර්ගයෙන් (0112221331), වට්ස්ඇප් මාර්ගයෙන් (0704752803), විදත් තැපෑලෙන්, රේගුවේ ඒ වෙනුවෙන් වෙන් කර ඇති මුද්‍රා තබා ඇති විශේෂිත පැමිණිලි පෙට්ටියට බහාලීමෙන්ද, පැමිණ වාචිකව පැමිණිලි කිරීමෙන්ද තොරතුරු සැපයිය හැකි බවද අධ්යක්ෂ ජනරාල්වරයා පැවසූවා.
ලැබෙන සියලු පැමිණිලි ලියාපදිංචි කර, ඒ සෑම පැමිණිල්ලක්ම විමර්ශනයට ලක් කරනු ලබන බවද ඔහු පැවසූවා.
ඕනෑම පුද්ගලයකුට පැමිණිලි කළ හැකි බවත් ඔහු පෙන්වා දුන්නා.
රාජ්‍ය ආයතනයක මෙවන් අභ්‍යන්තර කටයුතු අංශයක් ස්ථාපිත කළ පළමු අවස්ථාව මෙය බවද ඔහු පවසනවා.
මේ හරහා රේගුවේ සිදු වන්නා වූ දූෂණ වංචා අක්‍රමිකතා වැළැක්වීමට හා එවන් ක්‍රියාවන්ට සම්බන්ධ වන්නා වූ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනු ලබන බවද ඔහු පැවසූවා.
මේ වන විටත් රේගුවේ විවිධ අක්රමිකතාවන්ට හසු වූ 40 දෙනකුට එරෙහිව විමර්ශන සිදු කෙරෙන බවත්, වැරැදිකරුවන් වූ සේවකයන් 6 දෙනකු සේවයෙන් පහ කර ඇති බවත් ඔහු වැඩ්දුරටත් කියා සිට්යා.

