free web stats

මංගල දැන්වීම් වල සිට්න කාන්තාවන් රැවටු අනංගයා මාට්ටු

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු බව පවසමින් කාන්තාවන් රවටා මුදල් ජාවාරම් කළ අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිළිමතලාවේ පදිංචිකරුවකු වන සැකකරු ඊයේ (04) අත්අඩංගුවට ගෙන ඇත්තේ හංවැල්ල ප්‍රදේශයේදීයි.

නාවික හමුදාවෙන් ඉවත්වූ පුද්ගලයකු වන සැකකරු ඉරිදා පුවත්පත්වල පළකරන මංගල දැන්වීම්වල සිටින කාන්තාවන්ට දුරකථන ඇමතුම් ලබාදී තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස හඳුන්වාදී තිබෙනවා.

තමන් පොලිස් පරීක්ෂක ජයසේකර හා පොලිස් පරීක්ෂක නිශ්ශංක ලෙස හඳුන්වාදෙමින් ඔහු කාන්තාවන් අමතා ඇති බව වාර්තා වෙනවා.

තමාට හමුවූ ජංගම දුරකථනයකින්, එම කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප සොයාගත් බව පවසා ඒ පිළිබඳ විමර්ශන සිදුනොකිරීමට නම් රුපියල් 45,000 සිට රුපියල් ලක්ෂ 200,000 දක්වා මුදලක් ඔහු ලබා ගන්නා බවත් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

සැකකරු මීට පෙරද මෙවැනිම වරදකට අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැර ඇති අතර පසුව අධිකරණය මගහැරීම නිසා පොලීසියට අවශ්‍යව සිටි අයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *