free web stats

ලොව ධනවත්ම ගායිකාව මෙන්න

බටහිර ගීත ක්ෂේත්‍රයේ සුපිරි තරුවක් වන අමෙරිකාවේ ටේලර් ස්විෆ්ට් ලොව ධනවත්ම ගායිකාවගේ වාර්තාවට හිමිකම් කියන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වසර 2023 මාර්තුවේදී ආරම්භ වූ ඇගේ ‘දි ඒරස් ටුවර්‘ ජාත්‍යන්තර සංගීත චාරිකාව පසුගිය වසරේ දෙසැම්බරයේදී අවසන් වන විට ගීත ගායනයෙන් පමණක් ඩොලර් බිලියනයක් උපයා ගනිමින් එම වාර්තාව අත්කර ගැනීමට ඇය සමත්වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එය ඩොලර් බිලියනයක් උපයා ගත් ලොව පළමු සංගීත චාරිකාව ලෙසත් වාර්තා පොතට එක්වී තිබේ.

දි ඒරස් ටුවර් සංගීත චාරිකාව ආරම්භ වන විට ඩොලර් මිලියන 600කට හිමිකම් කී 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට්ගේ වත්කම මේ වනවිට ඩොලර් බිලියන 1.6 දක්වා ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඩොලර් බිලියන 1.4ක වත්කමකට හිමිකම් කියන රිහානා ලොව ධනවත්ම ගායිකාවන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *