free web stats

සාගරිකා පීලි පැන්නත් කාර්යාල දුම්රිය දුම්රිය වැඩ

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය වාද්දූවේදී පිලී පැනීමකට ලක්වුවද, කාර්යාල දුම්රිය සේවා අවලංගු කිරීමකින් තොරව සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව පිලිපැනීමට ලක්වූ ප්‍රදේශය දක්වා දුම්රිය ගමන්කර, එහි මගීන්ව අදාළ ස්ථානයෙන් බස්සවා, වෙනත් දුම්රියකින් ගමන්නාතය දක්වා රැගෙන යාමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

කෙසේ නමුත් දුරගමන් බලායන දුම්රියන්, ධාවන කටයුතු සිදුකරක ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවද සඳහන්වේ.

සාගරිකා දුම්රිය අද (24) උදෑසන පීලි පැනීමට ලක්වූ අතර, ඒ හේතුවෙන් මන්තීරු දෙකම අවහිරවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *