සත්ත්ව සංගණනයට උපරීම සහාය දෙන්න
කෘෂි කාර්මික භෝග වලට හානි සිදුකරන ජාතික සංගණනය අද (15) දිනයේ දීප ව්‍යාප්තව පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇති බව කෘෂිකර්ම, පශූ සම්පත් ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යංශය පවසනවා.
අද (15) පෙරවරු 8.00ත් 8.05ත් අතර කාලය තුල වනාන්තර බිම් හැර සියලු ගෘහ ඒකක, වගාබිම්, සිද්ධස්ථාන, පාසල්, රජයේ හා රජයේ නොවන ආයතය ආශ්‍රිතව සැරිසරන වදුරන්, රිළවුන්, දඬුලේනුන් සහ මොනරුන් සංඛ්‍යාව හඳුනාගැනීම මෙහිදී සිදුකිරීමට නියමිතයි.
එම සතුන් ගණනය කර ඊට අදාළව ලබාදී ඇති සංගණන පත්‍රිකාවේ එම සංඛ්‍යාව සටහන් කර තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට, ආර්ථික සංවර්ධන නිලධාරීවරයාට, සමෘද්ධි සංවර්ධන නිලධාරීවරයාට හෝ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයාට ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යංශය ඉල්ලීමක් සිදුකරනවා.
එමෙන්ම අද පැවැත්වෙන සත්ත්ව සංගණනය සඳහා අවශ්‍ය පත්‍රිකා මුළු දිවයිනම ආවරණය වන පරිදි මේ වන විට බෙදාහැර ඇති බව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ජී.ජී.වී ශ්‍යාමලි මහත්මිය සඳහන් කළා.