ඉරාන් වික්රමරත්න පුංච් ඡන්දෙට එන්නේ නැහැ
මෙවර පළාත් පාලන මැතිවරණයේදී තමන් කොළඹ මහ නගර සභාව සඳහා තරග නොකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ඉරාන් වික්රමරත්න මහතා පවසා තිබෙනවා.
සමගි ජන බලවේගයෙන් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තරග කිරීම සඳහා ඒ මහතාගේ නම යෝජනා වී තිබුණා.
සමගි ජනබලවේගය මෙන්ම තවත් පක්ෂ කිහිපයකින්ම එම පක්ෂ නියෝජනය කරමින් කොළඹ මහ නගර සභාව සඳහා තරග කරන ලෙස ඉරාන් වික්රමරත්න මහතාට ආරාධනය ලැබී තිබෙන බවයි වාර්තාවන්නේ.