free web stats

පැපුවා නිව්ගිනියාවේ සුනාමි අනතුරු ඉවත් කරයි

පැපුවා නිව්ගිනියාව අසල අද (05) උදෑසන රික්ටර් මාපකයේ 6.9ක ප්‍රබල භූ කම්පමනයක් සිදුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පැපුවා නිව්ගිනියාවට අයත් එරටට බටහිරින් පිහිටි දූපතක්වන නව බ්‍රිතාන්‍ය දූපත ආසන්නයේ මෙය සිදුව ඇති බවයි.

එම දූපතේ අගනුවර වන Kimbe නුවරට කිලෝමීටර් 194ක් ගිනිකොන දෙසින් මෙම භූ කම්පනය සිදුවී ඇති බව අමෙරිකාවේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරයි.

ඒ හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශවලට අනතුරුදායක සුනාමි රළ ඇති විය හැකි බවට පුරෝකථනය කර පැපුවා නිව්ගිනියාවට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ නමුත් මේ වන විට එම සුනාමි අනතුරු ඇඟවීම අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *