free web stats

පුතාට මැරෙන්න පියා දුන්න පොරොව පාර

පියපුතු දෙදෙනෙක් අතර ඇතිවූ ආරාවුලකදී පියා විසින් පොරොවකින් කොටා තම පුත්‍රයා මරාදමා ඇති බව කියන සිද්ධියක් ඊයේ (26) මහකුඹුක්කඩවල පොලිස් වසමට අයත් සොහොන්කල්ම ගම්මානයෙන් වාර්තාවෙනවා.

ඊයේ රාත්‍රියේ සිදුකර ඇති මෙම පොරොව ප්‍රහාරයෙන් බරපතල තුවාල සිදුවී මෙලෙස මියගොස් ඇත්තේ සොහොන්කල්ම පදිංචිව සිටි ආර්.එච්.එම්.දිලීප මධුසංක නම්වූ 26 හැවිිරිදි වියේ පසුවූ තරුණයෙකි.

මියගාස් ඇති පුත්‍රයාත්, ඔහුගේ පියාත් යන දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් පියා විසින් පොරොවකින් කොටා පුත්‍රයා මරාදමා ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය මෙම මරණය පිළිබඳව පවත්වන ලද මූලික පරීක්ෂණවලදී හෙලිවී ඇත.

සිද්ධියට සම්බන්ධ සැකකාර පියා ප්‍රදේශය මගහැර පලාගොස් ඇති අතර, මහකුඹුක්කඩවල පොලිසිය සැකකාර පියා අත්අඩංගුවට ගැනීමට වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *