free web stats

සහෝදරත්වයෙන් එකම අරමුණකට පෙළගැසෙමු

එළැඹෙන අලුත් අවුරුද්දේ තවත් සවිමත්ව, සහෝදරත්වයෙන් එකම අරමුණකට 
පෙළගැසෙමු

මිනිසාත්, සොබාදහමත් අතර පවත්නා වූ භෞතික හා ආධ්‍යාත්මික ගනුදෙනුවෙහි 
අපූර්වත්වය අලුත් අවුරුදු චාරිත්‍ර-වාරිත්‍රවලින් නිරූපිත බවත් , ඒවා සිංහල 
දෙමළ ජාතීන් අතර පැවති ‌එතිහාසික බැඳීම හා සහජීවන පැවැත්ම පිළිබඳ 
ජීවම‌ාන සාක්ෂියක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩයෙහි සඳහන් කර තිබේ .
එමෙන්ම වත්මන් සමාජය විවිධ බෙදීම් හේතුවෙන් ඉරි තලා ගොස් 
ඇතත්, අලුත් අවුරුද්ද වැනි සැමරුම් සංස්කෘතීන් තුළින් යළි පෙන්වා දෙන්නේ 
එවන් භේද දුරලා එකමුතුකම, සමගිය හා සහජීවනය සුරැකීම බව ජනාධිපතිවරයා එම පණිවිඩයෙහි වැඩි දුරටත් සඳහන් කර තිබේ .

රටට  අවැසි  නව ආර්ථික, සමාජයීය සහ දේශපාලනික පරිවර්තනයක් සාක්ෂාත් කෙරෙන 
ජාතික වැඩපිළිවෙළ සාර්ථක කර ගනිමින් රටත්, ජනතාවත් දිනවීම පිණිස මේ 
එළැඹෙන අලුත් අවුරුද්දේ තවත් සවිමත්ව, සහෝදරත්වයෙන් එකම අරමුණකට 
පෙළගැසෙන්නට මම සියලු දෙනාට ඇරයුම් කරන්නේ යැයිද ජනාධිපතිවරයා කියා තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *