free web stats

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරන්නේ චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින්ය. 

ඒ අනුව පුණ්‍ය කාලය අප්‍රේල් 13 එනම් අද (13) අපරභාග 8.57 සිට අප්‍රේල් 14 එනම් හෙට පූර්වභාග 9.45 දක්වා යෙදී තිබේ.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවන්නේ, හෙට එනම්  අප්‍රේල් 14 වැනි සඳුදා පූර්වභාග 3.21ටයි.

මෙවර ආහාර පිසීමේ නැකත 14 වැනි සඳුදා පූර්වභාග 4.04ට යෙදී තිබේ.

තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා දී කිරිබතක්ද කැවිලි වර්ගයක්ද දී කිරි සහ විළඳ ද පිළියෙළ කර ගතයුතු බව නැකැත් චාරිත්‍රවල සඳහන්ය.

වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීමේ නැකත යෙදී ඇත්තේ 14 වැනි සඳුදා පූර්වභාග 6.44ටයි.

මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කළ යුතු බව නැකැත් සීට්ටුවේ සඳහන්ය.

අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් මස 16 වැනි බදාදා පූර්වභාග 9.04ට යෙදී තිබේ.

රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් 17 බ්‍රහස්පතින්දා පූර්වභාග 9.03ටයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *