ඖෂධ හිඟයට රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් නැහැ
මේ වන විට රට තුළ අත්‍යවශ්‍ය ඖෂධවල බරපතළ හිඟයක් පවතින බවත්, ඊට රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව පැවැසුවේ ඊයේ (02) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙලෙස ද පැවසූවා.
“වෛද්‍ය සැපයුම් ආයතනයේ ඖෂධ 180ක සහ රෝහල් පද්ධතියේ තවත් අත්‍යවශ්‍ය ඖෂධ 50ක හිඟයක් තිබෙනවා. ඒ අතර ප්‍රතිජීවක, වේදනා නාශක, ඉන්සියුලීන්, හෘද රෝග ඖෂධ මෙන්ම බරපතළ උපකරණ හිඟයක් ද පවතිනවා.
මෙවැනි තත්ත්වයක් මත විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රශ්නවලට මේ වන විටත් විසඳුමක් හෝ උත්තරයක් ලැබී නෑ. මේ වන විට ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමට සහ නිදහස් සෞඛ්‍ය ක්ෂේත්රය සංවර්ධනයට පියවර ගෙන නෑ.
මේ වන විට සිංගප්පූරුව, තායිලන්තය, ඉන්දියාව සහ හොංකොං රටවල LP 8.1 යන කොවිඩ් අනුප්‍රභේදයක් පැතිරෙනවා. මේ ගැන පරීක්ෂණයක් ක්‍රියාත්මක විය යුතුයි.”