කලාකරුවන් ඇගයීම් සම්මාන ප්‍රදානෝත්සවයක්
කලා සිත් රූ කලා පදනමේ සභාපති දේශමාන්‍ය රෝහණ කොස්තා මැතිතුමාගේ සංකල්පයකට අනුව කලාකරුවන් උදෙසා ඇගයීම් සම්මාන ප්රදානෝත්සවය 2025.07.06 දින හෝකන්දර නිව්සිරි හොටෙල් පරිශ්‍රයේ දී දිවයිනේ ජනප්‍රිය කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
මෙවර අසහය ගායක එච්.ආර්.ජෝතිපාල සහ ෆ්‍රෙඩී සිල්වා, ඇන්ජලින් ගුනතිලක , මිල්ටන් මල්ල්වආරච්චි, සමන්ද සිල්වා,ප්‍රියා සූරියසේන, මර්වින් පෙරේරා යන නැසීගිය කලාකරුවන් අනුස්මරණය කරමින් ‘ අමරණීය ජෝති සමග රන් ස්වර – සිරිය මෙ සාරා ‘නමින් මෙම සම්මාන ප්රදානෝත්සවය පැවැත් වෙනවා.
මෙහි සම්මාන ලබාදෙන අංශ ලෙස මාධ්‍යවේදි, සටන් අධ්‍යක්ෂකවරු,කන්ඩායම් සංගීත,රංගන,
නිවේදන,ගායන,
පද රචනය,වැනි අංශ රැසක් ඇතුලත් වේ. එසේම විශේෂිත ඇගැයුම් ලෙස
ප්‍රවීණ රංගනශිල්පී ජීවන් කුමාරතුංග , සන්ෆලවර්
නායක නීල් වර්ණකුලසූරිය සහ ප්‍රවීණ ගායක
සේනානායක වේරලියද්දයන් සම්මානයට නිර්දේශිත අතර මෙහි නම් සදහන් නොකල ප්‍රවීන සහ නවක කලාකරුවන්
රැසක් එදින සම්මාන ලැබීමට නියමිතයි .
නර්තනය, මූර්ති
ශිල්පය, චිත්‍ර ශිල්පය වැනි අංශ ගනනාවක් යටතේ සහ විවිධ සමාජ සේවා කටයුතු තුලින් මෙහෙවරක්
කල පුද්ගලයින් පොලිස් විරුවන්,
විද්වතුන්ද මෙවරත් සම්මානයට
පාත්‍ර වීමට නියමිතවේ.
ව්පරම නිව්ස් අප කළ විමසීමකදී සභාපති රෝහණ කොස්තා මහතා පැවසූවේ,
“අපේ කලා පදනම රජයේ
ලියාපදිංචියි. එම නිසා නීතියට
පටහැනි දේ කරන්න අවස්තාවක්
නැහැ. මුදල් ලබාගෙන දේශමාන්‍ය,
දේශබන්දු වැනි නාමයන් ලබා
දෙන්නෙ නැහැ. ජනතා ගෞරව
සම්මාන පමණයි ලබාදෙන්නේ.
අපේ අරමුණ කලාකරුවකුට
නිසිගෞරවය, ඇගයීම ලබාදීම
පමණයි.එය ඉතාම සත්භාවයෙන්
කරන කටයුත්තක්. එසේ විනිවිද භාවයකින් සිදුකල නිසයි මේතාක් කාලයක් කිසිදු ගැටළුවකින් තොරව මේ ගමන ආවෙ. ඒ වගේම කිසිදු දේශපාලන සම්භන්ධයක් නැහැ. සම්මාන ලබාදීමට අමතරව වයෝවෘද්ධ කලාකරුවන්ට ආහාරපාන ලබාදීම, නිවාස සකසාදීම,
අසරණ ජනතාවට විවිධ ආධාර උපකාර කිරීමත් අපේ පදනම හරහා වනබව මතක් කල යුතුයි.”
අප පදනමේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ ගායනශිල්පී නාමල් කොළඹ ආරච්චි, නිවේදන ශිල්පී ලෙස ජනප්‍රිය නිවේදක ලසන්ත කුලසේකර , නිල ජායාරූපශිල්පී ලෙස බී.රුවන්
කුමාරත් ප්‍රධාන සංවිධායක මන්ඩලය ලෙස නීල් කුමාර, නීටා ප්‍රනාන්දු, ජේ.ගමගේ, නිහාල් ගමගේ සහ කලාකරු සම්බන්ධීකාරක ලෙස බ්‍රයන් ඇඩොල්ෆස් යන මහත්ම මහත්මීන් කටයුතු කරනවා.
එසේම මෙවර වැඩසටහන සදහා මට විශේෂ ශක්තියක් වූ මාලබේ පොලිස් ස්ථානාධිපති ප්‍රසාද් රත්නායක මහතා, හෝකන්දර නිව්සිරි හොටෙල් අධිපති එම්.නන්දසිරි මැතිතුමා, විමල නිෂ්පාදන අධිපති සමන්ත රෝහණ, දිල්ෂාන් අරලිය , ප්රංසනී නිල්මිණි පෙරේරා යන අයත් ගෞරවයෙන් මතක් කලයුතුයි. මෙය නැරැඹීමට අපි කිසිදු මුදල් අයකිරීමක් කරන්නෙ නෑ. නමුත් උත්සව ශාලාවට ඇතුල් කර ගත හැක්කේ 300ක පමන සීමිත
පිරිසක්.එනිසා මුලින්ම පැමිණෙන අයට අවස්තාව හිමිවේවි. එදාට සංගීතය සපයන්නෙ අනුරුද්ධ කරුණානායක ප්රමුඛ සාරංගා සංගීත කණ්ඩායම. සම්මාන ලබා දීමට සමගාමීව ගීතමය විරාමයක් ඇති එනිසා කලාවට ආදරය කරන අවට සිටින ආදරනීය රසික පිරිසට ඒ
අත්දැකීම විදින්න එදාට එන්න කියලා විවෘත ආරාධනයක් කරන්නත් මේය අවස්තාවක් කරගන්නා බවයි.