free web stats

කඳානේ වෙඩික්කරුවන් අත්අඩංගුවට

කඳාන, පොදු වෙළෙඳසැල අසලදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ ලද තොරතුරකට අනුව කඳාන රූපමුල්ල හංදිය සහ කඳාන නගරයේ කල සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.

සැකකරුවන් විසින් යතුරු පැදියකින් පැමිණ මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට කඳාන ප්‍රදේශයේදී පසුගිය 03 වනදා වෙඩි තබා තිබුණා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු මිය ගියා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 සහ 26 හැවිරිදි කඳාන ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙක් බව පොලිසිය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *