ලෝකයේ අවධානය දිනූ Tomorrowland සංගීත වේදිකාව ගිනිගනී
බෙල්ජියමේ Tomorrowland සංගීත ප්‍රසංගය පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එම ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සංගීත ප්‍රසංගයට දින දෙකකට පෙර මෙම ඛේදවාචකය සිදුව තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්නෙන් එහි සිටි කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර වේදිකාවට දැඩි හානි සිදුව ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .
මෙම විචිත්‍රවත් සංගීත උළෙල එළැඹෙන සිකුරාදා දින ඇන්ට්වර්ප් නගරයට දකුණින් පිහිටි බූම් නගරයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ අතර එය සති අන්ත දෙකක් පුරා පැවැත්වෙන වේ, එයට පුද්ගලයින් 400,000ක් පමණ සහභාගී වෙනු ඇතැයි අපේක්ෂා කර තිබුණා.