free web stats

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද

සුපිරි 8 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (22) පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

එය පස්වරු 3.00ට ආරම්භ වේ.

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරග වටයේ පළමු තරගය ඊයේ (21) පාකිස්තානය සහ නවසීලන්තය අතර පැවැත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායක සල්මන් අගාගේ තීරණය වූයේ පළමුව පන්දුවට පහරදීමටයි.

කෙසේවෙතත් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයට නොනවත්වා ඇඳ හැලුණු වර්ෂාව හේතුවෙන් සංවිධාකයින් තීරණය කළේ තරගය අත්හැර දැමීමටයි.

ඒ අනුව කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *