free web stats

වර්ත­මාන රජයේ වැඩ­පි­ළි­වෙළ ආයෝ­ජ­ක­යන් විශ්වාස කරනවා

ශ්‍රී ලංකා ආයෝ­ජන මණ්ඩ­ලය (BOI) 2025 වස­රේදී ඩොලර් මිලි­යන 569ක් වටිනා ව්‍යාපෘති 57ක් අනු­මත කර ඇති අතර මෙය පසු­ගිය වස­රට සාපේ­ක්ෂව 101%ක වර්ධ­න­යක් බව කර්මාන්ත හා ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන නියෝජ්‍ය ඇමැති චතු­රංග අබේ­සිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකා ආයෝ­ජන මණ්ඩ­ලය (BOI) මේ වස­රේදී අනු­මත කළ ව්‍යාපෘති 57හි වටි­නා­කම ඩොලර් මිලි­යන 569ක් වන අතර මේ වන විට ඩොලර් මිලි­යන 507ක් ලංකා­වට පැමිණ තිබෙනවා. මෙහි දේශීය ආයෝ­ජන ඩොලර් මිලි­යන 285ක් වේ.

කර්මාන්ත අමා­ත්‍යාං­ශය යටතේ දියත් කෙරෙන ආයෝ­ජන හෝ කර්මා­න්ත­පු­ර­ව­ලට අම­ත­රව ශ්‍රී ලංකා ආයෝ­ජන මණ්ඩ­ලය (BOI) යටතේ අප­න­යන සැක­සුම් කලාප 7ක් අලු­තෙන් ඉදි­කි­රී­මට නිය­මි­තව තිබෙනවා.

දත්ත නිසි ආකා­ර­යෙන් ජන­ගත නොවීම විවිධ පාර්ශ්ව­ව­ලට අන­වශ්‍ය ගැටලු නිර්මා­ණ­යට අව­ස්ථා­වක් සලසා දෙන අතර ලංකාවේ ආයෝ­ජන පිළි­බඳ රජය කළ ප්‍රකාශ අවි­ශ්වාස කිරී­මට හේතු වෙන්නෙත් මේ දත්ත සුලබ නොවී­මයි. දත්ත නොමැ­තිව දූෂි­ත­යන් අව­භා­විත කළ ආය­තන අද දත්ත සමඟ ඉදි­රි­යට එමින් තිබේ. එම නිසා මේ ගැට­ලුව ඉදි­රි­යට විස­ඳා­ගැ­නීමේ අව­ස්ථාව හිමි­වෙනවා.

මීට අම­ත­රව කර්මාන්ත අමා­ත්‍යාං­ශයේ ජාතික කර්මා­න්ත­පුර ඇති කිරීමේ වැඩ­ස­ට­හන යටතේ පර­න්තන්, වාල­ච්චේන, පුලි­ය­න්කු­ලම්, තිහ­ගොඩ, ආර­ච්චි­ක­ට්ටුව, බිංගි­රිය ඇතුළු ප්‍රදේශ ගණ­නා­වක කර්මා­න්ත­පුර ඇති කිරීම සඳහා ඉඩම් අක්කර 570ක් වෙන් කර තිබෙනවා.

වර්ත­මාන රජයේ වැඩ­පි­ළි­වෙළ ආයෝ­ජ­ක­යන් විශ්වාස කරන බව කොටස් වෙළෙ­ඳ­පොළ වගේම ඍජු විදේශ ආයෝ­ජ­න­ව­ලින් ද පෙන්වීම සතු­ටට කාර­ණ­යක් බව නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *