free web stats

ආර­ක්ෂක සේවා බාස්ක­ට්බෝල් කාන්තා ශූර­තාව ගුවන් හමු­දා­වට

ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩි­කා­වන්ගේ දක්ෂ­තා­ව­යන් වර්ධ­නය කිරීමේ අර­මු­ණින් ආර­ක්ෂක සේවා ක්‍රීඩා කවු­න්සි­ලය විසින් 13 වැනි වර­ටත් සංවි­ධාන කරන ආර­ක්ෂක සේවා ක්‍රීඩා තර­ගා­ව­ලියේ බාස්ක­ට්බෝල් තර­ගා­ව­ලියේ කාන්තා ශූර­තාව දිනා ගැනී­මට ගුවන් හමුදා ක්‍රීඩි­කාවෝ සමත් ව්ය.

ගුවන් හමුදා කාන්තා පිල අඛ­ණ්ඩව තෙවැනි වර­ටත් ශූර­තාව දිනා ගැනීම කැපී පෙනුණු අතර, පසු­ගි­යදා වැලි­සර කමා­න්ඩර් පරා­ක්‍රම සම­ර­වීර අනු­ස්ම­රණ ගෘහස්ථ ක්‍රීඩා සංකී­ර්ණයේ පැවති අව­සන් තර­ග­යේදී ගුවන් හමු­දාව විසින් තියුණු තර­ග­ය­කින් අන­තු­රුව ලකුණු 46-45ක් ලෙස නාවික හමුදා පිල පරා­ජය කළා.

මේ තර­ගා­ව­ලියේ පිරිමි ශූර­තාව ලකුණු 79-65ක් ලෙස යුද හමු­දාව දිනා ගත් අතර, අනු­ශූ­ර­තාව ගුවන් හමු­දාව සතු විය.

මේ තර­ගා­ව­ලියේ ත්‍යාග සහ සහ­ති­ක­පත් ප‍්‍රදා­නෝ­ත්ස­වයේ ප්‍රධාන ආරා­ධි­තයා ලෙස නාවික හමු­දාවේ රියර් අද්මි­රාල් එච්.කේ. දස­නා­යක මහතා සහ­භාගි වූ අතර, නාවික හමුදා බාස්ක­ට්බෝල් කණ්ඩා­යමේ සභා­පති කපි­තාන් පී.එන්. නානා­ය­ක්කාර, යුද හමුදා බාස්ක­ට්බෝල් කණ්ඩා­යමේ සභා­පති මේජර් ජෙන­රාල් ප්‍රනාන්දු, ගුවන් හමුදා බාස්ක­ට්බෝල් කණ්ඩා­යමේ සභා­පති එයාර් කොම­ඩෝර් ඩබ්ලිව්.පී.ඒ.එච්. පෙරේරා, ගුවන් හමුදා ක්‍රීඩා කවු­න්සි­ලයේ ලේකම් ගෲප් කැප්ටන් එරන්ද ගීග­නගේ, ගුවන් හමුදා බාස්ක­ට්බෝල් ලේකම් වින්ග් කමා­න්ඩර් එච්.කේ.එච්. ඩයස් යන මහ­ත්ව­රුන් හා ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීන් සහ සෙසු නිල­යන් රැසක් සහ­භාගී ව්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *