free web stats

හිටපු ඇමති මනූෂ අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමට හෙට කැදවයි

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (24) රාත්‍රියේ ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේදී ඔහු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබසින විටම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් පිරිසක් ඔහුට ලිපියක් භාරදී ඇති බව වාර්තා වෙනවා.

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයින් යැවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හෙට (26) අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස එම ලිපියෙන් දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *