කැලිෆෝනියාවේ අධිවේගී මාර්ගයකට වැටුණු හෙලිකොප්ටරය
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්ත විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පිහිටි ඩේවිස් වෛද්‍ය මධ්‍යස්ථානයේ සිට රෙඩින් නුවර බලා පියාසර කළ වෛද්‍ය සේවා හෙලිකොප්ටර් යානයක් අධිවේගී මාර්ගයකට කඩා වැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් තිදෙනකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම අනතුරින් තුවාල ලබා ඇත්තේ ගුවන් නියමුවා, හෙදියක සහ වෛද්‍යවරයකු බව ද වාර්තා වේ.
පෙරේදා පස්වරුවේ සිදුවූ මේ අනතුරින් අධිවේගී මාර්ගයේ කිසිවකුට හානි සිදුවී නැති බවත් වැඩිදුරටත් වාර්තා වේ.
කෙසේ වුවද අනතුරින් පසු අධිවේගී මාර්ගයේ ගමනාගමනය අඩාළ වී ඇති බවත්, ආපදා කළමනාකරණ කණ්ඩායම් අදාළ ස්ථානයට පැමිණ මාර්ගයේ ගමනාගමන කටයුතු නැවත යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගත් බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

