free web stats

හිටපු වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරියක් අත්අඩංගුවට

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ වර්තමාන අතිරේක ලේකම්වරියව අද (08) පෙරවරුවේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත්වූ සැකකාර රාජපක්ෂ පතිරගේ සේපාලිකා සමන් කුමාරි නම් කාන්තාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සැකකරිය මීට පෙර හානිපූර්ණ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කර ඇති අතර එම කාලයේ ඇය විසින් දූෂණය හා පොදු දේපොළ පනත යටතේ සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමට ආධාර අනුබල දීම යන චෝදනා මත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මෙලෙස ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *