free web stats

දකුණු අප්‍රිකාවට එරෙහිව පාකිස්තානයට පහසු ජයක්

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 93ක පහසු ජයක් ලැබීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම අද (15) සමත් වුණා.

මෙම ජයත් සමග තරග 2කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස පාකිස්තානය පෙරමුණ ගත්තා.

ලාහෝර්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පළමු ඉනිමට ලකුණු 378/10ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිමට ලකුණු 269/10ක් රැස්කළා.

ලකුණු 109ක් ඉදිරියෙන් දෙවන ඉනිම ඇරඹීමට පාකිස්තානයට හැකිවුවත්, ඔවුන්ගේ දෙවන ඉනිම ලකුණු 167/10කට සීමාවුණා.

ඒ අනුව දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 277ක ඉලක්කයක් හිමිවුවත්, ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 183/10ක් පමණයි.

මෙහිදී පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දැක්වීමට නොමාන් අලි සමත් වූ අතර, ඔහු සමස්ත තරගයේදී (6/112, 4/79) කඩුලු 10ක් බිඳදැමීමට සමත් විය.

ඒ හේතුවෙන් ඔහු තරගයේ වීරයා ලෙස සම්මාන දිනාත්තා.

මෙම තරගය ICC ටෙස්ට් ලෝක ශූරතාවට සමගාමීව පැවැති අතර, ඒ යටතේ කණ්ඩායම් දෙකම ක්‍රීඩාකළ පළමු තරගය මෙය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *