free web stats

ශ්‍රී ලංකා හොකී පිල ආසි­යානු උලෙ­ළට සුදු­සු­කම් ලබයි

තායි­ල­න්තයේ බැංකොක් නුවර පැවැ­ත්වෙන ආසි­යානු ක්‍රීඩා උලෙළේ පිරිමි හොකී සුදු­සු­කම් ලැබීමේ තර­ගා­ව­ලියේ ‘බී’ කාණ්ඩයේ පෙර­මුණ ගත් ශ්‍රී ලංකා හොකී පිල මේ වසරේ සැප්තැ­ම්බර් මාසයේ ජපා­නයේ න‍ගෝයාහි පැවැ­ත්වෙන ආසි­යානු ක්‍රීඩා උලෙ­ළට සුදු­සු­කම් ලබා ගත්තා.

වසර 20කට පසු බංග්ලා­දේශ ජාතික හොකී කණ්ඩා­යම ගෝල 3 – 2 කින් හා වසර10කට පසු උස්බෙ­කි­ස්තා­නය ගෝල් 3 – 1කින් පරා­ජය කර­මින් ශ්‍රී ලංකා පිල මේ සුදු­සු­කම් ලැබීමේ තර­ගා­ව­ලි­යේදී ඉදි­රි­යට පැමි­ණි­යා.

මූලික වටයේ අව­සන් තර­ග­යේදී ශ්‍රී ලංකා පිල චීන තායිපේ හමුවේ ගෝල් 3 – 1ක පරා­ජ­යක් ලැබූ අතර, හෙට (9) අව­සන් පූර්ව වට­යේදී ඉන්දු­නී­සි­යාව සමඟ තර­ග­යට පිවිසෙනවා.

ශ්‍රී ලංකාව හා ඉන්දු­නී­සි­යාව මෙයට පෙර 2018 වස­රේදී ඉන්දු­නී­සි­යාවේ ජාකර්තා නුව­රදී අව­සන් වරට මුණ ගැසුණ අතර එහිදී 3 – 1කින් ශ්‍රී ලංකා පිල ජය­ග්‍ර­හ­ණය වාර්තා කළා.

එබැ­වින් අද තර­ගය ජය­ගෙන මේ 10 වැනිදා පැවැ­ත්වෙන අව­සන් මහා තර­ග­යට පිවි­සීමේ වැඩි බලා­පො­රොත්තු ශ්‍රී ලංකා හොකී ක්‍රීඩ­කයෝ රඳ­වා­ගෙන සිටිනවා.

2006දී කොළඹ පැවති දකුණු ආසි­යානු ක්‍රීඩා උලෙ­ළේදී ලෝකඩ පද­ක්කම සඳහා වූ සට­නේදී බංග්ලා­දේ­ශය ගෝල් 2-0කින් ශ්‍රී ලංකාව හමුවේ පරා­ජය වූ අතර, එතැන් සිට හමු වූ සෑම අව­ස්ථා­ව­ක­දීම බංග්ලා­දේශ හොකී පිල ඉදි­රි­යෙන් සිටි­යා.

එහෙත් මෙවර හමු­වී­මේදී 6 වැනි මිනි­ත්තු­වේදී සෙරාන් බොතලේ ගෝල­යක් ලැබූ අතර, 16 වැනි හා 49 වැනි මිනි­ත්තු­ව­ලදී කුසල් වීර­ප්පුලි හා සු‍රේෂ් රත්නා­යක ගෝල් ලබා ජය තහ­වුරු කළා.

උස්බෙ­කි­ස්තා­න­යට එරෙහි තර­ග­යේදී ධම්මික රණ­සිංහ ගෝල් 2ක් හා කුසල් වීර­ප්පුලි ගෝල­යක් වාර්තා කිරී­මට සමත්වූ අතර, චීන තායිපේ පිලට එරෙහි තර­ග­යේදී ඩේමි­යන් කරු­ණා­මු­නිගේ ගෝල­යක් එක් කළා.

මේ තත්ත්වය මත ධම්මික රණ­සිංහ හා කුසල් වීර­ප්පුලි ශ්‍රී ලංකාව වෙනු­වෙන් මෙතෙක් ගෝල් 2 බැගින් ලබා පෙර­මුණ ගෙන සිටිනවා.

ශ්‍රී ලංකා හොකී කණ්ඩා­ය­මට යුද හමුදා හොකී ක්‍රීඩක ධම්මික රණ­සිංහ නාය­ක­ත්වය දෙන අතර, හිටපු ජාතික පිලේ ක්‍රීඩක රිෆාස් මොහො­මඩ් මහතා ශ්‍රී ලංකා හොකී පිලේ පුහු­ණු­කරු ලෙස කට­යුතු කර­මින් සිට්නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *