free web stats

වැව පිටාර ගලන අන්දම බැලීමට ගිය පුද්ගලයෙකු අතුරුදන්

පවතින අධික වර්ෂාව හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන ප්‍රධාන මාර්ගය සහ හොරොව්පතාන තිරප්පනේ මාර්ගය ජලයෙන් යටවී තිබෙනවා.

පසුගිය කාලයේ හොරොව්පතාන නගරයේ සිදු කළ අනවසර ඉදිකිරීම් හේතුවෙන් නගරය මෙලෙස ගංවතුර තර්ජනයට ලක්වන බවයි හොරොව්පතාන ප්‍රදේශවාසීන් පවසන්නේ.

මේ අතර අධික වර්ෂාව මධ්‍යයේ සිය ගමෙහි වැව පිටාර ගලන අන්දම බැලීමට ගිය පුද්ගලයෙකු වවුනියාව මහකච්චකොඩිය ඒරුපොතාන වැවේ වානෙන් ජලයට වැටී අතුරුදන්ව තිබෙනවා.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ ඒරුපොතාන ග්‍රාමයෙහි පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *