පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාවන් යළි ඇරඹෙයි Update
පද්ධතියේ සිදුවු හදිසි බිඳවැටීමක් හේතුවෙන් තාවකාලිකව අත්හිටවනු ලැබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය ඇතුළු සියලුම සේවාවන් නැවත ආරම්භ කළ බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව අද (24) උදෑසන 11 සිට නැවත සියලු මහජන සේවාවන් ක්‍රියාත්මක කර ඇත.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවා අද නවතී
පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන් අද (24) දිනයේ තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම ප්‍රාදේශීය කාර්යාලවල අද දිනයේ මහජන සේවාවන් සිදුනොවන බවයි.
ඒ අනුව අද දිනයට ක්‍රියාත්මක වීමට නියමිතව තිබු හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුළු සියලුම පොදු සේවාවන් ක්‍රියාත්මක නොවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.
පද්ධතියේ පවතින දෝෂය කඩිනමින් නිරාකණය කර මහජන සේවා කටයුතු යළි ආරම්භ කිරීමට පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

