වර්ෂාධික කාලගුණය හේතුවෙන් දුම්රිය ධාවනයට තවදුරටත් බාධා
වර්ෂාධික කාලගුණය හේතුවෙන් දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ජල ගැලීම් හේතුවෙන් මඩලකපුව මාර්ගයේ දුම්රිය ධාවනය අත්හිටුවා ඇති බවයි.
ඒ අනුව අද පෙරවරුවේ කොළඹ කොටුවෙන් මඩකලපුව බලා ධාවනයට වීමට නියමිතව තිබූ උදය දේවී දුම්රිය අවලංගු කර තිබේනවා.
මේ අතර පස් කඳු කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය නානුඔයට සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කලා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, පස් කඳු කඩා වැටීම් හේතුවෙන් ප්‍රදේශ රැසක අතුරු මාර්ග ගණනාවක් අවහිර වී ඇති බවයි.