free web stats

අයවැයෙන් බිලියන10 ක් පළාත් සභා ඡන්දයට වෙන් කෙරේ

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට වැයවන මුදල් ප්‍රතිපාදන ලබන වසරේ අයවැය ඇස්මේන්තුවලට ඇතුළත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා සඳහන් කළේ ඒ සඳහා රුපියල් බිලියන 10ක වැය ඇස්තමේන්තුවක් මුදල් අමාත්‍යාංශය විසින් අනුමත කර ඇති බවයි.

මේ වසරේදීද පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් අනුමත වී තිබූ බවද සභාපතිවරයා පැවසූවා.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ක්‍රමය සම්බන්ධයෙන් දැනට ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වයට විසදුම් ලැබුණු පසු මැතිවරණය පැවැත්විය හැකි බව ඔහු සඳහන් කළා.

ඊට අදාළ සංශෝධන පාර්ලිමේන්තුවේදී සම්මත විය යුතු බවද සභාපතිවරයා පැවසූවා.

ඔහු පැවසුවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන ක්‍රමය සම්බන්ධයෙන් කඩිනමින් එකඟතාවයට එළඹීමට පියවර ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *