කාලගුණය නිසා උසස් පෙළ විභාගයට වෙන දේ
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේනවා.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසා සිටියේ, ඒ අනුව 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන බවයි.
ඒ අනුව නොවැම්බර් 30, දෙසැම්බර් 2, සහ දෙසැම්බර් 3 වනදා යන දිනයන්හි දීද උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේනවා.
රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මීට පෙර 27, 28 හා 29 යන තෙදින උසස් පෙළ නොපැවැත්වීමට තීරණය කර තිබුණි.
මේ වනවිට අයහපත් කාලගුණ තත්ත්වය පහව යමින් තිබුණ ද බලපෑමට ලක්වූ සිසුන් වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවේ.