free web stats

ශ්‍රී ලංකා පිල නේපා­ල­යට පරදී

මධ්‍යම ආසි­යානු අවු­රුදු 19න් පහළ කාන්තා වොලි­බෝල් ශූර­තා­ව­ලියේ ඊයේ පැවති තර­ග­යේදී නේපා­ලය හමුවේ වට 3-1කින් පරා­ජය වීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩි­කා­වන්ට සිදුවිය.

කොළඹ සුග­ත­දාස ගෘහස්ථ ක්‍රීඩාං­ග­ණයේ පැවති තර­ගයේ පළමු වටය ලකුණු 25-18ක් ලෙස ජය ගැනී­මට නේපාල පිල සමත් වූ අතර, දෙවැනි වට­යේදී කරට කර සට­නක් ගියද ශ්‍රී ලංකා ක්‍රීඩි­කා­වන්ගේ අත­ප­සු­වීම් හේතු­වෙන් එම වටයේ ජය 26-24ක් ලෙස නේපා­ල ක්‍රීඩි­කා­වන් සතුවිණි. ඔවුන් වට දෙකක් ඉදි­රි­යෙන් සිටි­යදී තෙවැනි වටය සිය අණ­ස­කට නතු­ක­ර­ගත් ශ්‍රී ලංකා ක්‍රීඩි­කවෝ 25-19ක් ලෙස ජය ගනි­මින් තර­ගය 2-1ක් ලෙස කර ජය ගත්තා.
කෙසේ වෙතත් නේපා­ල­යට ජය­ග්‍ර­හ­ණය සඳහා තවත් එක් වට­යක ජයක් පම­ණක් අව­ශ්‍යව තිබි­යදී තීර­ණා­ත්මක සිවු­වැනි වටය ලකුණු 25-20ක් ලෙස ජය ගනි­මින් මේ තර­ගා­ව­ලියේ සිය පළමු ජය වාර්තා කිරී­මට නේපාල ක්‍රීඩි­කාවෝ සමත් ව්ය.

මේ ජය සමඟ නේපා­ලය ප්‍රසාද ලකුණු සට­හනේ දෙවැනි තැනට පත්වූ අතර, පෙරේදා මාල­දි­ව­යින පරා­ජය කිරීම හේතු­වෙන් ශ්‍රී ලංකා­වට තෙවැනි තැන හිමි විය.

ඊයේ පස්ව­රුවේ පැවති අනෙක් තර­ග­යේදී මාල­දි­ව­යි­නට එරෙ­හිව වට 3-0ක (25-21, 25-9, 25-21) පහසු ජයක් අත්කර ගැනී­මට කිරි­ගි­ස්තා­න­යට සමත් විය. එය කිරි­ගි­ස්තා­නය අඛ­ණ්ඩව ලැබූ දෙවැනි ජය විය.

මධ්‍යම ආසි­යානු වොලි­බෝල් සංග­මයේ ආරා­ධ­නා­ව­කට අනුව ශ්‍රී ලංකා වොලි­බෝල් සම්මේ­ල­නය සංවි­ධාන කරන මේ ශූර­තා­ව­ලියේ තෙවැනි දිනය වන අද මූලික වටය නිමා කර­මින් මාල­දි­ව­යින නේපා­ලය සමඟ පස්වරු 2.00ටත්, කිරි­ගි­ස්තා­න­යට එරෙ­හිව ශ්‍රී ලංකාව පස්වරු 4.30ටත් තරග වැදී­මට නිය­මි­තයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *