ජනමාධ්‍ය අමාත්‍යාංශ ඇසිදිසි ක්‍රිකට් පිල ඉන්දීය තරගාවලියකට
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඇසිදිසි ක්‍රිකට් කණ්ඩායම මේ 16 වැනිදා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි පැවැත්වෙන දකුණු ආසියානු ‘ග්‍රේට් ක්‍රිකට්’ ජ්‍යෙෂ්ඨ ශූරතාවලියට සුදුසුසකම් ලබා තිබෙනවා.
විස්සයි20 තරග ආකෘතියෙන් පැවැත්වෙන මේ තරගාවලිදැක්වූවා ලංකාවෙන් ඇසිදිසි ක්‍රිකට් කණ්ඩායම සුදුසුකම් ලබා ඇත්තේ මෙරට රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ දක්වන දක්ෂතා පදනම් කරගෙනවේ.
2017 වසරේ ඉන්දියාවේ, 2018 හා 2019 වසරවල මැලේසියාවේ සංචාරය කරමින් ඇසිදිසි ක්‍රිකට් කණ්ඩායම අනුශූරයන් බවට පත් වූ අතර, රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ දී 2023 වසරේ ‘එෆ්’ කාණ්ඩයේ ශූරතාව දිනා ගනු ලැබුවා.
2024 වසරේ ‘ඊ’ කාණ්ඩයේ සම ශූරයන් සහ 2025 වසරේ ‘ඩී’ කාණ්ඩයේ අනුශූරයන් ලෙස අඛණ්ඩ ජයග්‍රහණ වාර්තා කිරීමට ඇසිදිසි ක්‍රිකට් කණ්ඩායම සමත් වූවා.
2007 වසරේ සැහැල්ලු පන්දුවෙන් ආරම්භ වී 2016 වසරේ සිට ලෙදර් පන්දු කණ්ඩායමක් ලෙස ඇසිදිසි ක්‍රිකට් කණ්ඩායම දිගු ගමනක් මේ වන ව්ට පැමිණ තිබෙනවා.
ඇසිදිසි ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම හා අනුග්රාහකයන් හඳුන්වා දීමේ මාධ්‍ය හමුවක් ඊයේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අතර, එහිදී කණ්ඩායම් නායක මංජුල සූරියගේ හා උප නායක දයාන් විජේසිංහ පැවසුවේ ජාතික ක්‍රිකට් පිලට ඇසිදිසි ක්‍රිකට් ක්‍රීඩකයකු කවදා හෝ නියෝජනය කරනු ඇති බවයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස, නියෝජ්‍ය ඇමැති ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න හා අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්ම මහත්මීහු දක්වන සහයෝගය ද මෙහිදී ඇගැයීමට ලක් ව්ය.
මේ තරගාවලියේදී ඇසිදිසි ක්‍රිකට් කණ්ඩායමට ප්‍රධාන අනුග්‍රාහකත්වය ලිට්රෝ ගෑස් ලබාදෙන අතර, සහයෝගිතා අනුග්‍රාහකත්වය ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සභාපති ආචාර්ය මාලන් ෆ්‍රැන්සිස්, වෛද්‍ය සැපයුම් සහකරු ලෙස ස්ලිම් ෆාර්මසූටිකල් කළමනාකාර අධ්යක්ෂ ගයාන් එදිරිසිංහ හා ක්‍රීඩා භාණ්ඩ සහකරු ද චාන්ස් ස්පෝට්ස් සභාපති ලසන්ත අමරසිංහ යන මහත්වරු එක්ව සිටියි.
ඇසිදිසි ක්‍රිකට් සභාපති ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) දීපා ලියනගේ මහත්මිය ද මෙහිදී අදහස් දැක්වූවා.

