free web stats

විපක්ෂයේ කණ්ඩායම රනිල් හමුවෙයි

විපක්ෂයේ කණ්ඩායම් අද (25) උදෑසන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක නිරතවී තිබෙනවා.

විපක්ෂයේ පක්ෂ අතර සහයෝගයෙන් කටයුතු කිරීමට පක්ෂ නායකයින් අතර එකමුතුවක් සඳහා මෙම සාකච්ඡාව පවත්වා ඇති බව පැවසෙනවා.

ඊට අමතරව බාල ගල්අඟුරු සිද්ධිය, පාතාල ඝාතන සහ ගෑස් ගැටලුව සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව පැවසෙනවා.

කොළඹ මල්පාර එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී අදාළ සාකච්ඡාව පවත්වා තිබෙනවා.

ඒ සඳහා උදය ගම්මන්පිල, අනුර ප්‍රියදර්ශන යාපා, ජී.එල්. පීරිස්, මහින්ද අමරවීර, සාගල රත්නායක, තලතා අතුකෝරාල, ප්‍රේම්නාත් සී. දොලවත්ත, සුගීශ්වර බණ්ඩාර ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *