free web stats

පේරු රාජ්‍යයේ බස් රථයක් ගැඹුරු ප්‍රපාතයකට

පේරු රාජ්‍යයේ බස් රථයක් අඩි 650ක් ගැඹුරු ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 37 දෙනෙකු මිය ගොස් තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම සිදුවීම බදාදා අලුයම පේරු සහ චිලී රාජ්‍යය සම්බන්ධ කරන අරෙක්විපා හි “රළු” පෑන්-ඇමරිකානු අධිවේගී මාර්ගයේ කොටසකදී සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පේරු ප්‍රාදේශීය මාධ්‍ය පවසන්නේ බස් රථය වංගුවකදී පිකප් ට්‍රක් රථයක ගැටී මාර්ගයෙන් ඉවතට පැන ඔකෝනා ගං ඉවුරට වැටෙන විට මගීන් 60 දෙනෙකු රැගෙන ගිය බවයි.

පේරු හි විශේෂයෙන් රාත්‍රියේදී සහ කඳුකර මහාමාර්ගවල දී බස් අනතුරු බහුලව වාර්තාවේ. මෙය බොහෝ විට සිදුවන්නේ දුර්වල මාර්ග තත්ත්වයන්, අධික වේගය සහ ආරක්ෂිත සංඥා නොමැතිකම නිසා බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *