free web stats

රුහුණු සරසවි සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්

රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජීනේරු පීඨයේ සිසුන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

බගවන්තලාව මෝරා වතුයායේ පිහිටි වැවිලි පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රායෝගික වැඩමුළුවක් සඳහා පැමිණි සිසුන් පිරිසක් අද (14) ගසක බැද තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙලෙස බඹර ප්‍රහාරයකට ලක්ව තිබුණා.

බඹර ප්‍රහාරය එල්ල වූ අදාළ සිසුන් පිරිසෙන් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා බගවන්තලව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව සඳහන් වෙනවා.

එම ප්‍රායෝගික වැඩමුළුවක් සඳහා විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් රැසක් මෙම දිනවල නේවාසිකව නතර වී අදාළ වැඩමුළුවට සහභාගි වන බව අප වාර්තාකරු පැවසූවා.

බගවන්තලව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *