free web stats

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ තරගය අද

පාකි­ස්තා­නයේ සත්කා­ර­ක­ත්ව­යෙන් රාව­ල්පිණ්ඩි නුව­රදී පැවැ­ත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා­යම අද සිම්බාබ්වේ කණ්ඩා­ය­මට එරෙ­හිව සිය පළමු තර­ග­යට එක්වීමට නියම්තයි.

අද මෙරට වේලා­වෙන් පස්වරු 6.30ට තර­ගය ආරම්භ වන අතර, ශ්‍රී ලංකා පිල හිටපු නාය­ක­යකු වූ දසුන් ශාන­කගේ නාය­ක­ත්ව­යෙන් යළි පිටි­යට පිවි­සෙන්නේ වසර දෙක­හ­මා­ර­කට පසු­වයි.

2019 විස්සයි20 නාය­ක­ත්ව­යට පත්වූ දසුන් අව­සන් වරට 2023 වසරේ අප්‍රේල් මස නව­සී­ලන්ත සංචා­ර­යේදී කණ්ඩා­යම මෙහෙ­ය­වූවා. ඔහුගේ නාය­ක­ත්වය යටතේ තරග 48ක් ක්‍රීඩා කර­මින් ශ්‍රී ලංකාව තරග 22ක් ජය ගැනී­මට සමත්ව ඇති අතර, තරග 24ක් පරා­ජය වී තරග 2ක් ලකුණු සම වීමෙන් නිමා වී තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර මෙතෙක් විස්සයි20 තරග 9ක් පවත්වා ඇති අතර, ඉන් තරග 7ක් ජය ගැනී­මට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. තරග දෙකක ජය සිම්බාබ්වේ පිල සතුව ඇත.

එක්දින තර­ගා­ව­ලිය පරා­ජය වුවත් මේ තර­ගා­ව­ලිය ජය ගැනීම අර­මුණ බව විස්සයි20 නායක දසුන් ශානක තර­ගා­ව­ලිය ආරම්භ වීමට පෙර පැවති මාධ්‍ය හමු­වේදී පැව­සූවා.

“අපි එක්දින තර­ගා­ව­ලිය පරා­ජය වුණත් විස්සයි20 තරග රටාව ඊට ගොඩක් වෙනස්. අපි ඒ අභි­යෝ­ග­යට මුහුණ දෙන්න සූදා­නම්. මේ තර­ගා­ව­ලි­යේදී එක්දින තර­ගා­ව­ලි­යෙන් අපේ ක්‍රීඩ­ක­යන් කිහි­ප­දෙ­න­කුත් වෙනස් වෙනවා. කුසල් ජනිත්, භානුක රාජ­පක්ෂ, නුවන් තුෂාර ඉන්නවා. ඉතිං අපි අත්දැ­කීම් බහුල ක්‍රීඩ­ක­ය­න්ගෙන් උප­රි­මය ලබා­ගත යුතුයි. ඒ වගේම තරුණ ක්‍රීඩ­ක­ය­න්ටත් අව­ස්ථා­වක් දිය යුතුයි. අපි මෙහි ආවේ තරග දිනන්න. ඉතිං අපේ අඩු­පාඩු හදා­ගෙන මේ තර­ගා­ව­ලිය හොඳින් ක්‍රීඩා කරන්න බලා­පො­රොත්තු වෙනවා.”

ලකුණු 20-30ක් රැස් කළාට තර­ග­යක් ජය­ගත නොහැකි බවත්, කණ්ඩා­යම් කිසි­වකු හෝ ලොකු ලකුණු සංඛ්‍යා­වක් ලබා ගන්නවා නම් තමන් කැමති බවත් කී නාය­කයා, ශ්‍රී ලංකාවේ දේශ­ගු­ණ­යට වඩා පාකි­ස්තා­නයේ දේශ­ගු­ණය වෙනස් වුවත් වෘත්තීය ක්‍රීඩ­ක­යන් ලෙස එවැනි තත්ත්ව­යන් යටතේ ක්‍රීඩා කළ යුතු බවත් පැවසූවා.

මේ අතර තුන්කොන් තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් පැවති පළමු තර­ග­යෙන් සත්කා­රක පාකි­ස්තා­නය කඩුලු 5ක ජයක් හිමි­කර ගත්තේ සිම්බාබ්වේ කණ්ඩා­ය­මට එරෙ­හි­වයි.

එම තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දුන් සිම්බාබ්වේ පිල ලකුණු 147ක් රැස් කළ අතර, පාකි­ස්තා­නය පන්දු 4ක් ඉති­රිව තිබි­යදී ජය හිමි­කර ගත්තේ කඩුලු 5ක් දැවී තිබි­ය­දී.

ශ්‍රී ලංකා විස්සයි20 සංචි­තය: දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කමිල් මිශාර, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත්, භානුක රාජ­පක්ෂ, පවන් රත්නා­යක, දුෂාන් හේමන්ත, ජනිත් ලිය­නගේ, කමිඳු මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, ඒෂාන් මාලිංග, මහීෂ් තීක්ෂණ, වනිඳු හස­රංග, නුවන් තුෂාර, විජ­ය­කාන්ත් විය­ස්කාන්ත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *