free web stats

අමෙරිකාවේ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් යුක්‍රේනයට

රුසියාව සමඟ “යුද්ධය අවසන් කිරීමේ උත්සාහයන් සාකච්ඡා කිරීම” සඳහා පෙන්ටගනයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් යුක්‍රේනයට පැමිණ තිබෙනවා.

අමෙරිකානු හමුදා ප්‍රධානී ඩෑන් ඩ්‍රිස්කොල්ගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායම යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි හමුවීමට නියමිතයි.

මේවන විට සෙලෙන්ස්කි ජනාධිපතිවරයා තුර්කියේ සංචාරයක නිරතවන අතර ඔහු අද යළි යුක්‍රේනයට පැමිණේ.

අමෙරිකාව, රුසියාව සහ යුක්‍රේනය සම්බන්ධයෙන් ප්‍රධාන සහන ඇතුළත් නව සාම සැලැස්මක් සකස් කර ඇති බවට බදාදා සිට වාර්තා පළ වීමට පටන්ගෙන ඇතත් වොෂින්ටනය හෝ මොස්කව් මෙම සැලැස්ම නිල වශයෙන් තහවුරු කර නොමැත.

මේ අතර ඊයේ(19) යුක්‍රේනයේ බටහිර නගරයක් වන ටර්නොපිල් වෙත එල්ල වූ රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 26දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

රුසියාව විසින් යුක්‍රේනයට එරෙහිව 2022 වසරේ දී පූර්ණ පරිමාණයේ ආක්‍රමණයක් දියත් කිරීම ආරම්භ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *